Gossips

ආසියානු කුසලාන පාපන්දු දෙවන අවසන් පූර්ව තරඟය අද

ආසියානු පාපන්දු සම්මේලනය මෙහෙයවන ආසියානු කුසලාන පාපන්දු තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අබුඩාබිහිදී අද පැවැත්වෙනවා.
එහිදී තරඟ වදින්නේ කටාරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.
කෙසේ නමුත්, කටාරය සහ එක්සත් අරාබි එමීරය ඇතුළු ගල්ෆ් රටවල් අතර, ඇති වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුද හේතුවෙන් කටාර් ක්‍රීඩාලෝලීන්ට එම තරඟය නැරඹීමට යාම ගැටලුවක් වී ඇති බව සඳහන්.
කටාරයට සහාය පළ කිරීම එක්සත් අරාබි එමීරයේ දැන් ක්‍රියාත්මක නීති යටතේ වසර 15 ක සිරදඬුවම් පැනවිය හැකි වරදක්.
මේ අතර, මෙවර ආසියානු කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය සඟහා ජපානය ඊයේ සුදුසුකම් ලැබුවා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉරානය තුනට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින් අවසන් මහා තරඟය සිකුරාදා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර මූලික වටයේ තරඟයකදී කටාර් කණ්ඩායම හමුවේ ඉරාකය පරාජය වන අවස්ථාවේ හැඬු කඳුළින් එම අවස්ථාව ඡායාරූපගත කළ ශිල්පියෙකු වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
එම සංවේදී අවස්ථාව.