Gossips

ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යොවුන් පිළට ඉන්දියාවෙන් දැවැන්ත ඉලක්කයක්

බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 304ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සඳහා ලැබී ඇති ඉලක්කය ලකුණු 305ක්.
ඉන්දීය යොවුන් කණ්ඩායම වෙනුවෙන් යාෂෙව් ජේස්වාල් ලකුණු 85ක් රැස්කළ අතර නායක සිම්රන් සිං ලකුණු 65ක් නොදැවී රැස් කළේ පන්දු 37කට මුහුණ දෙමින්.
පන්දු යැවීමේදී කලන පෙරේරා, කල්හාර සේනාරත්න සහ දුලිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා.