Gossips

ආසියානු කුසලානයේ පාකිස්ථාන බලඇණිය

ලබන සැප්තැම්බර් 15 වනදා එක්සත් ආරබී එමීර් රාජ්‍යයේදී අරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලියට සහභාගීවන පාකිස්ථාන සංචිතය ඊයේ (04) ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවා.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සර්ෆාස් අහමඩ් හට හිමිව තිබෙනවා.
මෙම සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩකයින් වන මොහොමඩ් හෆීස් සහ ඉමාඩ් වසීම් නම්කර නොතිබීම විශේෂත්වයක්.
පකිස්ථාන තේරීම් කමිටුවේ ප්‍රධානී ඉස්සමාම් උල් හක් සඳහන්කර සිටියේ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම හේතුවෙන් මෙම ක්‍රීඩකයින් දෙදෙනා සංචිතයට එක්කර නොගත් බවයි.
තරඟාවලිය නම් කළ සංචිතය වන්නේ සර්ෆාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, ෂොයිබ් මලික්, ඉමාම් උල් හක්, ශාන් මසූඩ්, බාබර් අසාම්, අසීෆ් අලී, හැරිස් සොහෙල්, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, ෆහීම් අශ්රාෆ්, හසන් අලී, මොහොමඩ් අමීර්, ජුනයිඩ් ඛාන්, උස්මාන් ශින්වාරි සහ ශාහින් අෆ්රිඩි
ටෙස්ට් තරඟ 12 කදී පාකිස්තානය නියෝජනය කර ඇති 28 හැවිරිදි පිතිකරුවකු වන ශාන් මසූඩ්ට පළමුවරට පාකිස්ථාන එක්දින සංචිතයේ ස්ථානයක් හිමිව තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙම මස 15 වැනිදා සිට එක්සත් ආරබී එමීර් රාජ්‍යයේදී ආරම්භවන අතර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායම තරඟාවලියට එක්වනවා.