ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද ඩුබායිහිදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාේදශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5 ටයි තරගය ආරම්භ වන්නේ.
කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවනක්‍රීඩක ලසිත් මාලිංග මාධ්‍ය වෙත අදහස් පළ කළා.
ඔහු කියාසිටියේ පසුගිය මාස 16 ක පමණ කාලයක් තුල තමන් ක්‍රීඩා නොකළ බවයි.
කෙසේවෙතත් තරගය පිළිබඳ කිසිදු බියක් නොමැති බවයි ඔහු එහිදී සඳහන් කළේ.
මෙවැනි තත්වයන්ට මීට පෙර ද මුහුණදී ඇති අතර අද දිනයේදී හැකි උපරිමයෙන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බව ද මාලිංග ප්‍රකාශ කළා.
එමෙන්ම 2019 ක්‍රිකට් ලෝක කුසලානයට ද ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු මෙහිදී කියාසිටියේ.
ඇන්ජෙලෝ මැතිව්ස්, උපුල් තරංග, අකිල ධනංජය, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, අමිල අපොන්සු සහ දිල්රුවන් පෙරේරා අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා.
මේ අතර අද තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ තමන්ට පළමුවෙන් පන්දුවට පහරදීමට අවශ්‍ය වුව ද කාසියේ වාසිය අහිමිවීම හේතුවෙන් එම අවස්ථාව ගිලිහී ගිය බව ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රකාශ කළා.
ලසිත් මාලිංග අද තරගයේ කණ්ඩායමට එක්වීම සතුටට කරුණක් බවයි මැතිව්ස් කියාසිටියේ.
පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය අසීරු වුව ද බංග්ලාදේශ කණ්ඩායම ද එම තත්වයට මුහුණදී සිටීම හේතුවෙන් කෙසේ හෝ ක්‍රීඩා කිරීමට සිදුවන බව ද ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රකාශ කළා.