Gossips

ආසියානු කුසලානයේ තීරණය කාසියේ වාසිය මත

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඩුබායි හිදී අද (28) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වනු ඇති බව ක්‍රිීඩා විචාරකයන් පවසනවා.
ඩුබායි හි පැවති ආසියානු කුසලාන තරඟ 6 කින් 4 ක්ම ජයග්‍රහණය කළේ දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායමයි.
එමෙන්ම, අවසන් මහා තරඟය සඳහා තරඟාවලියේ දක්ෂතම පන්දු යවන්නන් තුන්දෙනාම ඇතුළත්වීම විශේෂත්වයක්.
බංග්ලාදේශ ක්‍රීඩක මුස්තෆිසූර් රහමන් ඉන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් එනම්, කඩුලු 8 ක් බිඳ හෙලා ඇති අතර, ඉන්දීය ක්‍රීඩකයන් වන ජස්ප්‍රිට් බුම්රා සහ කුල්දීප් යාදව් කඩුලු 7 බැගින් බිඳ හෙලා තිබෙනවා.
බංග්ලාදේශ පිල මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ වාර්තා කර ලකුණු වලින් තුනෙන් එකක්ම ලබාගෙන ඇත්තේ මුෂ්ෆිකර් රහීම් විසින්.
මේ නිසා හත් වන ආසියානු කුසලානය ඉන්දියාවෙන් ලබා ගැනීමට නම් ඔහුගේ පිතිහරඹය විශේෂයෙන් වැදගත් වනු ඇති.