ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය නම්කර තිබෙනවා.
මෙවර සංචිතයට නායක විරාත් කෝලි නම්කර නොමැති අතර ඔහු විවේක ගැන්වූ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ.
මේ හේතුවෙන් මෙවර තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මාට පවරා තිබෙනවා.
රාජස්ථාන් ප්‍රාන්තය නියෝජනය කරමින් පළමුපෙල තරගවලට ක්‍රීඩා කළ නවක ක්‍රීඩකයෙකු වන කහීල් අහමඩ් ද සංචිතයට කැඳවා තිබෙනවා.
ශිකර් ධවාන් ඉන්දීය සංචිතයේ උප නායකයායි.
ලෝකේෂ් රාහුල්, අම්බති රයුදු, මනීෂ් පාණ්ඩේ, කේදර් ජාදෙව්, මහේන්ද්‍ර සිං ධෝනි, දිනේෂ් කාර්තික්, හර්දික් පාන්ඩ්යා, අක්ෂාර් පටෙල්, කුල්දීප් යාදෙව්, යුස්වේන්ද්‍ර චහාල්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ ශර්දුල්ල තකූර් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.
මේ වන විට විට ඉන්දීය කණ්ඩායම එංගලන්තයේ ටෙස්ට් තරග සංචාරයකට එක්ව සිටිනවා.
තරග 5 කින් සමන්විත එම තරගාවලිය අවසන් වන්නේ ලබන 11 වනදායි.
එමෙන්ම ආසියානු කුසලාන තරගාවලිය අවසාන වීමත් සමග ඔක්තෝම්බර් 4 වනදා යළිත් ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරගාවලියකට එක්වනවා.
ඒ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගයි.
එම තරගාවලියෙන් පසු ඔවුන් ඔස්ට්‍රේලියා තරග සංචාරයකට ද එක්වනවා.
මේ හේතුවෙන් විරාත් කෝලි ආසියානු කුසලානයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කියාසිටියේ.
මෙවර ආසියානු කුසලාන තරගාවලිය ලබන 15 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන අතර 28 වනදා එය පැවැත්වෙනවා.