Gossips

ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් 45ක් නියෝජනය කරන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 16,000කගේ සහභාගීත්වයෙන් ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර දී අද ආරම්භ වනවා.
සමාරම්භක උළෙල අද සන්ධ්‍යාවේ පැවැත්වීමට නියමිත වුවද කණ්ඩායම් ක්‍රීඩා රැසක් මේ වන විටත් ආරම්භ වී ඇති බව සඳහන්.
ඊයේ පැවති එවැනි පාපන්දු තරඟයකදී ප්‍රබල දකුණු කොරියානු පිළ පරදවා ගෝල දෙකට එකක ජයක් ලැබීමට මැලේසියාව සමත් වුණා.
දකුණු කොරියාව මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගි වූ ආසියාතික රටවල් දෙකෙන් එකක්වීම විශේෂත්වයක්.
මැලේසියාව පසුවන්නේ අන්තර්ජාතික පාපන්දු සම්මේලන වර්ගීකරණයට අනුව දකුණු කොරියාවට වඩා ස්ථාන 114ක් පිටුපසින්.