18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී ඊයේ උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සමාරම්භක උත්සවය පැවති වේදිකාවට යතුරුපැදියකින් ඇතුලූවූයේ සියල්ලන් විස්මයට පත් කරමින්.
ශ්‍රී ලංකාව ඇතුලූ ආසියාතික රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16,000 ක් පමණ මෙවර තරගාවලියට එක්ව සිටිනවා.
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඉන්දුනීසියාව දැඩි ආරක්ෂාවක් සපයා ඇත්තේ පසුගිය කාලය තුළ පැවති ත්‍රස්ත තර්ජන හේතුවෙන්.
