Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි මුලික වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ අද පැවතී රග්බි මුලික වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් හිමිකර ගෙන තිබෙනවා.
ඒ ලකුණු 68 ට 0ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින්.
තරගයේ පළමු අර්ධය නිමාවුණේ ලකුණු 28 ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ පසුවෙමින්.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 68 ට ගෝල දිනුම් 09 ක් සහ උත්සහයක දිනුම් 10ක් ඇතුලත් වුණා.
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගී වන මුලික වටයේ දෙවන තරගය අද සවස කොරියාව සමඟ පැවැත්වීමට නියමිතයි.