Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 අවසන් තරගයට කාලිංග කුමාර

ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති පිරිමි මීටර 400 අවසන් පූර්ව වටයේදී, අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩක එච්.කේ. කාලිංග කුමාරගේ සමත්වුණා.
අවසන් පූර්ව වටයේදී ඔහු වාර්තාකළ කාලය තත්පර 46.21 ක්.
කෙසේ නමුත් අවසන් පූර්ව වටය තත්පර 46.53 කින් නිමා කළ එස්. අරුණ දර්ශන අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ.
මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.40ට පැවැත්වෙනු ඇති.
පිරිමි දුර පැනීමේ ඉසව්වේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ඩබ්ලිව්.ඩී.ඒ.ජී. ජානක ප්‍රසා සුදුසුකම් ලැබූ අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.10 ට පැවැත්වීමට නියමිතයි.
මෙරට බැඩ්මින්ටන් ඉතිහාසයේ නව පිටුවක් සළකුණු කරමින් බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් යන ක්‍රීඩකයන් දෙදෙනා අද ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි යුගල බැඩ්මින්ටන් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට මුහුණදෙනවා.
ඔවුන් තරඟ වදින්නේ චීන පිරිමි යුගල කණ්ඩායම සමඟයි.