ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්රීඩා උළෙලේ ඊයේ පැවති මීටර් 3000 කාන්තා බාධක දිවීමේ අවසන් තරඟයෙන් ශ්රී ලංකාව නියෝජනය කළ ආර්.යූ.කේ. නිලානි 6 වන ස්ථානය හිමි කර ගත්තා.
ඇය ඒ සඳහා වාර්තා කළ කාලය විනාඩි 9යි තත්ත්පර 54.65ක්. ප්රථම ස්ථානය දිනා ගත් බහරේන ක්රීඩිකා වින්ෆ්රෙඩ් යවි, ඒ සඳහා ගත කළ කාලය විනාඩි 9යි තත්ත්පර 36.52ක්.
ශ්රී ලංකා ක්රීඩිකාව, ඇය මීට පෙර වාර්තා කර තිබූ විනාඩි 9යි තත්ත්පර 46ක කාලය ඒ සඳහා වැය කළේ නම් ඇයට මෙම තරඟයේ සිව් වන ස්ථානය හිමි වනවා.
එමෙන්ම ඊයේ පැවති මීටර් 800 මූලික වටයේ තරඟවලදී අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීමට ඉඳුනිල් හේරත් සමත් වූයේ විනාඩි 1යි තත්ත්පර 54කින් තරඟය නිම කරමින්.