Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව අභියෝගයක්

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ඉහළ වායු දූෂණය ඊට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දස්කම් දැක්වීමේ අභියෝගයක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ජාකර්තා නුවර වායු ගෝලයේ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර ලෙස පවතින්නේ සති කිහිපයක සිටයි.
මිලියන 10 ක් ජනතාව වාසය කරන ජාකර්තා නුවර සැරිසරන වාහන සංඛ්‍යාව මිලියන 18 කට අධිකයි.
මේ නිසා එහි වායු දූෂණයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ වාහන දුම බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
කෙසේ නමුත්, ආසියානු රටවල් 45 ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16,000 කට අධික සංඛ්‍යාවක් හෙට ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වනු ඇති.