Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ කබඩි කණ්ඩායමට ජය

ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ ඒ කණ්ඩායම යටතේ අද සහභාගි වූ තරඟ දෙකම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.
පළමු තරඟය සත්කාරක ඉන්දුනීසියානුු කණ්ඩායම සමඟ පැවති අතර එය ශ්‍රී ලංකාව ජයගනු ලැබුවේ ලකුණු 34ට 17ක් ලෙසයි.
ජපානයට එරෙහිව පැවති දෙවන තරඟය ලකුණු 22ට 17ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා.
ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම සහභාගි වන මීලඟ තරඟය ඉන්දියාව සමග පැවැත්වෙන අතර තායිලන්තයට සමඟ ඊයේ පැවති පළමු තරඟය පරාජයට පත් වුණා.