Gossips

ආසියානු ක්‍රීඩා උලෙලේදී චීන ක්‍රීඩිකාවගෙන් ලෝක වාර්තාවක්

ඉන්දුනීසියාවේ – ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද තරඟ ඉසව් කිහිපයකට සහභාගි වනවා.
ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම, කොරියානු කණ්ඩායම සමඟ තරඟ වදින අතර, මීටර් 100ය හතර නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරඟයකට මැතිව් අබේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද සහභාගි වීමට නියමිතයි.
මේ අතර, ඊයේ පැවති මීටර් 50 පසුපස ආර පිහිනුම් ඉසව්වෙන් චීනයේ ලියු ෂියෑං නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ අදාළ තරඟ ඉසව්ව තත්ත්පර 26 යි දශම 9 යි 8කින් අවසන් කරමින්.