Gossips

ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට පැවරෙන කාර්යභාරය ගැන අගමැති පහදයි

ආසියාව කේන්ද්‍රකර ගෙන ඉදිරි දශක කිහිපය තුළ නව ලෝක ආර්ථිකයක් බිහිවන බැවින් ආසියාන් සංවිධානයට සහ ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
වියට්නාමයේ හැනොයි නුවර ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ ‘‘ආසියානු භූ දේශපාලනික ස්වරූපය’’ මැයෙන් පැවති සාකච්ඡා මණ්ඩපයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.
එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ් ආසියානු ආර්ථිකයේ අනාගතය රඳා පවතින්නේ ඉන්දු ශාන්තිකර සාගර කලාපයේ නිදහස් නෞකා ගමනාගමනය මත බවයි.
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආසියන් සංවිධානයේ මහලේකම් ජොක් හොයි ලිම් අතර සාකච්ඡාවක් ද අද පැවැත්වුණා.