Gossips

ආසියානු අභියෝගතා කුසලානය ලබන 15 වනදා

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන මස කොළඹ දී පැවැත්වෙනවා.
ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මලයාසියාව, හොංකොං, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ මොංගෝලියාව එක්වනු ඇති.
ලබන මස 15 වනදා ආරම්භවන මෙම තරගාවලිය 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.