Gossips

ආවේගශීලිව සිදුවූවක් ගැන අධිකරණ ඇමතිනිය කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ ද`ඩුවම නියම වී බන්ධනාගාරයේ සිට තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට මරණ දඩුවම ලබාදෙන බවට රජය ගත් තීන්දුව ආවේගශීලිව සිදුවූවක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරාල පවසනවා.
පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ අරලගංවිල – අලවාකුඹුර මහා විද්‍යාලයේ ඉදිකළ සෞන්දර්ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
‘‘ ඊයේ පෙරේදා හදිස්සියේම තීරණයක් ගත්තා බන්ධනාගාරය තුළ ඉඳගෙන පාතාලය මෙහෙය වීම නිසා මරණ දඬුවම නියමවෙලා ඉන්න අය එල්ලලා මරන්න ඕන කියලා. ඇත්තටම ඒක ආවේගශීලීව වෙච්ච දෙයක්. අද මත්කුඩු ජාවාරම නිසා දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට අපි පත්වෙලා තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා නොයෙකුත් විදියේ චෝදනා මේ ආණ්ඩුවට කරනවා. හැබැයි කවුරුත් කල්පනා කරන් නෑ සිංහල බෞද්ධ දරුවෝ විනෘශ වෙලා යන කොට කොහොමද මේවා මැඩපවත්වන්නේ කියලා. ඉතින් මට දැන් සිද්ද වෙලා තියෙනවා බන්ධනාගාරයේ කටයුතු වලදී යම් යම් තද තීන්දු තීරණ අරගෙන මැඩපැවැත්වීමේ කටයුත්තක් අපිට කරන්න. නීතිය ආණුඩු පක්ෂයේ අයට එක විදියකටත් විරුද්ධ පක්ෂයේ අයට එක විදියකටවත් නැහැ. මොකද ඒක හින්දනේ අපිට වැඩිය හොඳට විරුද්ද පක්ෂයේ අය කෑ ගහන්නේ. එහෙම නැත්නම් සමහර අය මට චෝදනා කරනවා ඇයි අල්ලලා හිරේ දාන්නැත්තෙ කියලා. එහෙම පලි ගන්න අපි හිරේ දාන් නෑ’’