අවසර ලැබුණහොත් දින දෙකක් ඇතුළත උතුරේ ක්‍රියාත්මක ‘‘ආවා’’ වැනි කණ්ඩායම් පාලනය කිරීමට යුද හමුදාව සූදානම් බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඒ සඳහා මෙතෙක් හමුදාවට බලය පැවරී නොමැති බවයි යාපනය – පලාලි යුද හමුදා කඳවුරේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
