‘‘ආවා’’ කල්ලියේ තවත් සාමාජිකයින් 10 දෙනෙකු මානිපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් බුද්ධි අංශවලට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි.
ඊයේ රාත්රියේ මානිපායි ප්රදේශයේ ස්ථාන 3 කදී මෙම වැටලීම් සිදුකර ඇති බව සඳහන්.
මොවුන් සියලූදෙනාම වයස අවුරුදු 25 ට අඩු තරුණයින් බවයි පොලීසිය ප්රකාශ කළේ.
අත්අඩංගුවට ගත් මෙම ආවා කල්ලි සාමාජිකයින් සතුව තිබී කඩු 3 ක් සහ යතුරුපැදි 4 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද මල්ලාකම් මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.