Gossips

ආවා කල්ලි සාමාජිකයෙකුගේ වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක්

යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේදී ආවා කල්ලියේ හිටපු ප්‍රභල සාමාජිකයෙකුගේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ඊයේ (25) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට පලාගොස් ඇති බව යාපනය පොලිසිය පවසනවා.
කන්කසන්තුරෙයි මාර්ගයේ වඩක්කොඩ්ඩෙයි මන්සන්ධියේ පිහිටි ඇලුමිනයම් වෙළඳසැලටකට ඊයේ (25) රාත්‍රි 7ට පමණ පෙට්‍රල් බොම්බ ප්‍රහාර දෙකක් කිසියම් පිරිසක් එල්ල කොට පලා ගොස් ඇති අතර එල්ල කරන ලද පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකෙන් එක් බෝම්බයක් පිපිරීමෙන් වෙළඳසැලට සුලු හානි සිදුව ඇති බවයි යාපනය පොලිසිය සඳහන් කළේ.
මොහොමඩ් ඉක්ක්‍රාම් නැමති හිටපු ආවා කල්ලි සාමාජිකයා මේ වන විට ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාරගතව සිටින අතර ඔහුට අයත් වෙළඳසැලක් ඔහුගේ පියා විසින් බලාගන්නා අතරතුර මෙම පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
අදාල බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඊයේ (25) දින ඉරිදා නිවාඩු දිනයක් බැවින් වෙළඳසැල වසා කිසිවෙකුත් නොසිට ඇති අතර බෝම්බ ප්‍රහාරය එල්ල කළ තැනත්තන් සොයා මේ වන විට යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.