යාපනය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් "ආවා" කල්ලියට අයත් සාමාජිකයන් තුන් දෙනා අද (28) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබෙනවා.
යාපනය – නාච්චිඅම්මාන් කෝවිල අසළ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකටයි ඊයේ (27) මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී තියුණු ආයුධ කිහිපයක් ද සොයා ගනු ලැබුවා.
මෙම සැකකරුවන් අද යාපනය මහේස්ත්රාත් අධිකරණයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.