Gossips

ආවා කල්ලි සාමාජිකයන් හතරක් යාපනයේදී එස්.ටී.එෆ්. අත්අඩංගුවට

යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේදී ආවා කල්ලියේ සාමාජිකයින් හතරදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මාර්ග බාධක යොදාගනිමින් ඊයේ සිදුකළ වැටලීමකදියි.
සැකකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් සහ කඩු දෙකක් ඇතුලූ ආයුධ තොගයක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.
මොවුන් වයස අවුරුදු 18 ත් 25 ත් අතර වයස්වල පසුවන තරුණයින් බවයි විශේෂ කාර්ය බලකා උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
සැකකරුවන් අද කොඩිකාමම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.