Gossips

‘ආවා’ කල්ලිය ධනුරොක් සමඟ යළි ගැටේ

‘ආවා’ කල්ලියේ සාමාජිකයින් පිරිසක් ධනුරොක් කල්ලි නායකයාගේ ඥාති නිවසකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීවරයෙකු සඳහන් කළේ ඊයේ (03) රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් එම නිවසේ සිටි අවුරුදු 15ක දරුවෙකු සුළු තුවාල ලබා යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මුහුණු ආවරණය කර, යතුරුපැදි තුනකින් පැමිණි පුද්ගලයින් 07 දෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, නිවසේ තිබූ ගෘහ භාණ්ඩ කිහිපයකට ද අලාභ හානි සිදුකර තිබෙනවා.