Gossips

ආවා කල්ලියේ නායකයාගේ නිවසට ප්‍රහාරයක් (ඡායාරූප)

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන අශෝක් කුමාර් හෙවත් අශෝකන්ගේ නිවසට සහ තවත් නිවාස 4කට යතුරු පැදි 04කින් පැමිණී පිරිසක් ඊයේ පස්වරුවේ පහරදී පලා ගොස් තිබෙනවා.
මුහුණු ආවරණය කරගත් 08 දෙනෙකුගෙන් යුත් පිරිසක් අදාල පහරදීම සදහා පැමිණ ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.
යාපනය කොකුවිල් ප්‍රදේශයේ පිහිටි අශෝක් කුමාර්ගේ නිවසට හා ඒ අසල පිහිටි තවත් නිවාස දෙකකට පළමුව පහරදී ඇති අතර, පසුව රාත්‍රියේ මනිපායි ප්‍රදේශයේ පිහිටි අශෝක් කුමාර්ට හිතවත් තවත් නිවසකට පහරදී ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් අදාල සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ. අශෝකන් නැමැත්තා මේ වන විට සැඟව සිටින අතර අදාල පහරදීම ආවා කල්ලියෙන් වෙන්ව ගිය ධනුරොක් කණ්ඩායම සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මෙම පහරදීම් සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි 03ක් සහ මනිපායි පොලීසියට එක් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

(ඡායාරූප – රොමේෂ් මදුශංක)