Gossips

ආවා කල්ලියෙන් බව පවසා පුද්ගලයෙකුට තර්ජනාත්මක ලිපියක්

'ආවා' කල්ලියෙන් බව පවසා යාපනය – කොක්කුවිල් ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලැබුණු තර්ජනාත්මක ලිපියක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඔහුගේ නිවසේ ගේට්ටුව අසල තිබියදී මෙම ලිපිය ලැබී ඇති අතර, එහි සදහන්ව ඇත්තේ සී.සී.ටී.වි. කැමරාව වහා ඉවත් කරන ලෙසයි.
පසුව අදාළ පුද්ගලයා සිදුකළ පැමිණිල්ලකට අනුව, මෙම ලිපියේ කවරයේ සඳහන් තැපැල් මුද්‍රාව ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව පොලීසිය සදහන් කළා.
එම කැමරාව කඩිනමින් ඉවත් නොකරන්නේ නම් නිවසට ප්‍රහාරයක් එල්ල කරන බව එම ලිපියේ සදහන්.
මෙම ප්‍රදේශයේ නිවසකට මීට පෙර එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙම නිවසේ සී.සී.ටී.වි. දර්ශණ ඔස්සේ තොරතුරු අනාවරණ කරගෙන ඇති බවද වාර්තා වුණා.
එම සිද්ධිය සහ මෙම තර්ජනාත්මක ලිපිය අතර සම්බන්ධයක් ඇතැයි සැකයක් පවතින බවයි යාපනය පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.