Gossips

ආවා කල්ලියෙන් – ධනුරොක් කල්ලියට ප්‍රහාරයක්

යාපනය – මානිප්පායි ප්‍රදේශයේදී ආවා කල්ලියේ පිරිසක් විසින් ධනුරොක් කල්ලියේ සාමාජිකයෙකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අද අලූයම එල්ලවූ මෙම ප්‍රහාරයෙන් ධනුරොක් කල්ලියේ සාමාජිකයා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය තුවාල ලබා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ආවා කල්ලියේ සහ ධනුරොක් කල්ලිය අතර කළක සිට පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.