රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක් පවත්වන ලෙස අද රැස්වූ ජාතික ආර්ථික සභාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.
සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ ඔවුන් පුළුල් ලෙස දැනුම්වත් කිරීම සහ යෝජනා ලබාගැනීම එහි අරමුණයි.
