Gossips

ආර්ථික වර්ධන වේගය 2. 9 යි

මේ වසරේ 3 වන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.9 ක් ලෙස සටහන් වී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ කාලය තුළ දළදේශීය නිෂ්පාදිතය සටහන් වී ඇත්තේ රුපියල් මිලියන විසිහතර ලක්ෂ 31 දහස් 627 ක් ලෙසයි.
පසුගිය වසරේ එය මිලියන විසිතුන් ලක්ෂ 62,698 ක් ලෙස සටහන් වුණා.
කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශ පිළිවෙලින් සියයට 7 යි දශම 5 ක්, සියයට 27 යි දශම 4 ක් සහ සියයට 56 යි දශම 8 ක් නිෂ්පාදිතයට දායකත්වය සපයා තිබෙනවා.