Gossips

ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවට ලෝක බැංකුවෙන් නිර්දේශයක්

මේ වසරේදී ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3.5 ක් වන අතර, එය සියයට 4 දක්වා වර්ධනය වනු ඇති බව ලෝක බැංකුව පවසනවා.
මෙරට ඒක පුද්ගල ආදායම, මැදි ආදායම් රටක මට්ටමට ඉහළ ගියද ආර්ථිකය පීඩනයට ලක්වන කරුණු රැසක් පවතින බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.
2019 වසර සඳහා මෙරට යාවත්කාලීන කළ සංවර්ධන පුරෝකථන වාර්තාව ලෝක බැංකුව නිකුත් කළ අතර, එහි දැක්වෙන්නේ දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට 83 ක් ණය වාරික සඳහා ගෙවීමට සිදුව ඇති බවයි.
ඉන් වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර පියවීම සඳහා වැයකිරීමට සිදුව තිබෙනවා.
කෙසේ නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කොට දළ දේශීය නිෂ්පාදිතය කළමනාකරණය කළ හැකි වේ නම් වර්ධනය සියයට 6 ත් 8 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ලෝක බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.