චීනය සහ ඇමරිකාව අතර පැන නැගී ඇති ආර්ථික ගැටළුව විසඳීම සඳහා සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.
චීනයේ බීජිං නුවර දින දෙකක් පුරා දෙරටේ ආර්ථික ක්ෂේත්රයේ ප්‍රවීනයන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය කාලසීමාවේදී චීනයෙන් ගෙන්වන ලද යකඩ, වානේ ඇතුලූ ලෝහමය ද්‍රව්‍යවලට පනවා තිබූ බදු ඉහළ දැමීමට ඇමරිකාව ගත් තීරණයත් සමඟයි දෙරට අතර මෙම ආර්ථික ගැටළුව ඇති වුණේ.
මේ හේතුවෙන් චීනයට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.