අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමණාකරණ කමිටුව අහෝසි කිරීමට අද පැවති විශේෂ කැබිනට් රැස්වීමකදී පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.
මෙම කමිටුව අහෝසි කරන ලෙසට මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැතිවරයාට උපදෙස් ලබාදී තිබුනා.
කෙසේවෙතත් එය ඉටු නොවීම හේතුවෙන් අද ජනාධිපතිවරයා විසින් ආර්ථික කළමණාකරණ කමිටුව අහෝසි කර ඇති බවයි වාර්තා වන්නේ.
ආර්ථික කළමනාකරණ කමිටුව පවත්වාගෙන යන්නේද නැද්ද සම්බන්ධයෙන් යෝජනා දෙකක් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සාකච්ඡාවට ගැනුනා.
ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුනේ ආර්ථික කළමනාකරණ කමිටුව හරහා ගත් බොහෝ තීන්දු තීරණ අසාර්ථක වී ඇති බවයි.
කුලියාපිටිය – වොක්ස්වැගන් කර්මාන්තශාලාව, හොරණ – ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව උදාහරණ ලෙස පෙන්වමින් ජනාධිපතිවරයා මෙහිදී සිය කණස්සල්ල පළ කර තිබෙනවා.
ගත වූ කාලසීමාව තුළ දී එම ආර්ථික කමිටුව නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවට පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එහිදී තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලය මගින්ම කමිටුවක් පත් කර අදාළ යෝජනා ක්‍රියාත්මක කළ හැකි බවයි.
අග්‍රාමාත්‍යවරයා විසින් ආර්ථික කළමනාකරණ කමිටුව පිහිටවනු ලැබුවේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අවසන් තීරණ ගැනීම සඳහායි.
ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශකවරුන් වන ආර්. පාස්කරලිංගම්, චරිත රත්වත්තේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග එම කමිටුව නියෝජනය කරනවා.
අමාත්‍යවරුන් ලෙස එම කමිටුව නියෝජනය කරන්නේ මලික් සමරවික්‍රම සහ සරත් අමුණුගමයි.