ආර්ථික අර්බුදයට මැදිහත්වීමට විශේෂ විශේෂඥ ආර්ථික කමිටුවක් පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී ඊයේ (16) රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.
