Gossips

ආරවුලක් අතරතුර ඇද වැටී පුද්ගලයෙකු මරුට

අඟුණුකොළපැලැස්ස – අවාරියගම ප්‍රදේශයේදී ආරවුලක් අතරතුර තල්ලු කර ඇදවැටීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (27) රාත්‍රියේ සිය දියණිය සහ බෑණා අතර ඇති වු ආරවුලක් සමථයකට පත් කිරීමට මොහු මැදිහත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී බෑණා විසින් තල්ලු කිරීම හේතුවෙන් ඇදවැටුණු මොහු අඟුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක්.