Gossips

ආරම්භක පිතිකරුවෙකුට තරඟ තහනමක්

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශසයිබ් හසන්ට වසරක තරග තහනමක් පනවා තිබෙනවා.
ඒ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පත් කළ විශේෂ කමිටුවක විමර්ශනයකින් අනතුරුවයි.
පසුගිය වසරේ පැවති පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනාවක් ආරම්භක පිතිකරුවාට එල්ලවී තිබෙනවා.
28 හැවිරිදි ශසයිබ් හසන් කොන්ත්‍රාත් පදනමේ සිටින ක්‍රීඩකයෙකු විසින් රැකිය යුතු නීති රීති පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී උල්ලංඝණය කර ඇතැයි චෝදනා පවතිනවා.
චෝදනාවලට අනුව පැනවු තරග තහනමට අමතරව ආරම්භක පිතිකරුවාට පකිස්ථාන රුපියල් මිලියනයක දඩ මුදලක් ද පනවා ඇතැයි සඳහන්.
දෙවන වරට පැවති පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජන කළ ශසයිබ් හසන්ට මෙන්ම එම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් 6 දෙනෙකුට විවිධ චෝදනා එල්ලවී තිබෙනවා.