Gossips

ආරක්ෂිත කැමරාවේ සටහන් වූ මෝටර් රථ, යතුරුපැදි ගැටුම

අම්පාර නගරයේ පන්සල හන්දිය ප්‍රදේශයේදී ඊයේ (31) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බවයි ආම්පාර පොලිසිය සඳහන් කළේ.
අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්.