Gossips

ආරක්ෂිත කැමරාවක සටහන් වූ පෞද්ගලික බස් රථ අනතුර

මිනුවන්ගොඩ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ නිල්පනාගොඩ මංසන්ධියේදී ඊයේ (05) දහවල් සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පෞද්ගලික බස් රථයක් මාර්ගය අසල තිබූ විදුලි කණු කිහිපයක සහ වෙළඳසැලක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
අධික වේගයෙන් පැමිණි බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (06) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුර අසල වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.