Gossips

ආරක්ෂාව ප්‍රමාණවත් නෑ – නාමල් කුමාර

තමන්ට ලබාදී ඇති පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පවසනවා.
මේ නිසා තම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් පවතින බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකළ හෙළිදරව්වට අදාළව මොහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදී ප්‍රශ්න කර තිබුණා.
පෙරේදා සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තමන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට තීරණය කෙරුණද මේ වනවිට තමන්ට ලැබෙන පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවයි දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර කියා සිටියේ.