Gossips

ආරක්ෂාව තර කිරීම කිසිවෙකුට තර්ජනයක් නොවන බව චීනය කියයි

පසුගිය වසර කිහිපය තුළ සිය රටේ ආරක්ෂක වියදම් ඉහළ නැංවූයේ හමුදා නවීකරණයට මිස කිසිවෙකුට තර්ජනයක් වීමට නොවන බව චීනය අවධාරණය කරනවා.
එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂැං යෙසුයි මේ බව ප්‍රකාශ කළේ මහජන චීනයේ මීළඟ අයවැය ලබන සඳුදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදියි.
පසුගිය වසරේදී චීනය සිය ආරක්ෂක වියදම් සියයට 07කින් ඉහළ නැංවූ අතර, එය ඇමරිකානු ඩොලර් බිලියන 164.6කට ආසන්නයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2019 වසර සඳහා යෝජනා කර ඇති ආරක්ෂක වියදම ඇමරිකානු ඩොලර් බිලියන 617ක්.