Gossips

ආරක්ෂාකාරී සහ ශක්තිමත් සන්නිවේදන සබඳතාවයක් ගෙන ඒමට වයිබර් පියවර ගනී

සමාජ ජාලයන්හි පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඒවා භාවිත කරන්නන් විසින් විශාල හඬක් මතු කරමින් සිටින පසුබිමක,ලොව ප්‍රමුඛ පෙළේ කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් සේවාවක් වන වයිබර් (Viber), සිය ජාලය තුළ හුවමාරු වන දත්තවල ආරක්ෂාව සහ රහස්‍යභාවය රැකගැනීම වෙනුවෙන් සුවිශේෂී පියවර රැසක් හදුන්වාදී තිබෙනවා.
ඇතැම් සමාජ ජාලා සහ කෙටි පණිවුඩ Apps හරහා පෞද්ගලික පණිවුඩවල දත්ත සොරකම් කරන අතර එසේ ලබාගන්නා වටිනා දත්ත එම App සේවාවන්හි පද්ධතිමය භාවිතාවන් සඳහාත් ඔවුන්ගේ දැන්වීම්කරුවන් සඳහාත් ලබාදෙන බවටත් පසුගිය කාලයේ විශාල කතාබහක් මතුවුණා.
ශ්‍රී ලංකාව තුළ සිටින සමස්ත වයිබර් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 08කට අධික ය.
එහිලා වයිබර් ස්ටිකර්ස් භාවිතය ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර මාසිකව ශ්‍රී ලාංකිකයන් අතර වයිබර් ස්ටිකර්ස් මිලියන 100ක් පමණ හුවමාරු වන බවට ගණන් බලා තිබෙනවා.
කණ්ඩායම් අතර සහ පුද්ගලයින් දෙදෙනෙකු අතර හුවමාරු වන දුරකථන ඇමතුම්, වීඩියෝ ඇමතුම්,කෙටි පණිවුඩ, වීඩියෝ ඡායාරූප ආදිය සඳහා වයිබර් සේවාව හරහා සැපයෙන ආරක්ෂාව සහ රහස්‍යභාවය කොතෙක් ද යත් වයිබර් සේවාවට හෝ එම දත්ත වලට ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැත.
මේ පිළිබඳ අදහස් දක්වමින් වයිබර්හි අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානී අනුභව් නයියර් මෙසේ අදහස් පළකර සිටියා.
‟ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියානු කලාපය තුළ වයිබර් බහුලව භාවිත වන රටක්. ඒ නිසාම වයිබර් භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සහ රහස්‍යභාවයේ ඇති වැදගත්කම පිළිබඳ අපි අවබෝධ කරගෙන සිටිනවා. ඇතැම් කෙටි පණිවුඩ ඇප් සේවාවන්හි රහස්‍යභාවය සහ ආරක්ෂාව ඒවා භාවිත කරන්නන් විසින්ම ක්‍රියාත්මක කරගත යුතුයි. නමුත් වයිබර් ඊට වෙනස්. අපි ස්වයංක්‍රීයව දත්තවල රහස්‍යභාවය සහ ආරක්ෂාව සලසා දෙනවා. ඒ නිසා වයිබර් භාවිත කරන්නන්ට ඒ ගැන වදවීමට කිසිදු හේතුවක් නැහැ.එමෙන්ම වයිබර් සෑමවිටම උත්සාහ ගන්නේ,වඩාත් හොඳ සන්නිවේදන සේවාවක් භාවිත කරන්නන්ට සැපයීමටයි. ඔවුන්ට නිරන්තරයෙන් විශ්වාසය තැබිය හැකි ආරක්ෂිත උපක්‍රම භාවිත කරමින් සබඳතා ශක්තිමක් කරගැනීමට අවකාශ සැලසීමට එහිලා ප්‍රමුඛතාවයක් හිමිවෙනවා”
රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි.
ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය.
මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාටකෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ,තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ.
වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද වයිබර් සමාගම සහතික කර සිටි.
Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි.