Gossips

ආරක්ෂණ විදුලි සීනු පද්ධති 10 ක් විවෘත කෙරේ

දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ විදුලි සීනු පද්ධති දුම්රිය සේවාව සඳහා විවෘත කිරීම අද සිදුකෙරුණා.
ඒ අනුව, හික්කඩුව සිට දොඩන්දූව අතර ඉදිකළ ආරක්ෂිත විදුලි සීනු පද්ධති 10ක් මෙලෙස අද පෙරවරුවේ විවෘත කළේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින්.
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ අනාරක්ෂිත හරස් මාර්ග දැනට 626 ක් පවතින අතර මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමඟ එම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ප්‍රමාණය අවම කිරීමට හැකිවන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.