Gossips

ආරක්ෂක හිස්වැසුම් සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

කුලියාපිටිය නගරයේ නවතා තිබෙනව යතුරුපැදිවල රඳවා ඇති ආරක්ෂක හිස්වැසුම් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරන ආකාරය පොත් අලෙවිසැලක තිබු CCTV කැමරාවක සටහන් වී තිබුනා.
කුලියාපිටිය නගර සභාවේ නිලධාරිනියන් දෙදෙනෙකු ඊයේ රාජකාරී අවශ්‍යතාවක් සඳහා යතුරුපැදියකින් පොත් අලෙවිසැලකට පැමිණ ඇති අතර යළිත් පිටත්ව යාමට සූදානම් වීමේ දී තමන් රැගෙන ආ ආරක්ෂක හිස්වැසුම් නොමැතිවීම පිළිබඳ අදාළ පොත් අලෙවිසැලේ හිමිකරුට පවසා තිබෙනවා.
එහිදී CCTV කැමරා දර්ශණ පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ කිසියම් අයෙකු ආරක්ෂක හිස්වැසුම් සොරාගන්නා බවයි.
පසුව අදාළ පොත් අලෙවිසැලේ හිමිකරු සහ අවට ව්‍යාපාරිකයන් එක්ව නගරයේ සැකකරු සොයාගෙන ඇති අතර ඔහුගෙන් සොරකම පිළිබඳ විමසුව ද එය පිළිගෙන නැහැ.
පසුව CCTV දර්ශණ පෙන්වීමෙන් පසු වරද පිළිගෙන ඇති අතර පසුව සූක්ෂමව එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.