ත්‍රිවිධ හමුදාව සදහා අවශ්‍ය පෙර සැකසූ ආහාර නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් ඊයේ වැලිකන්ද – කන්දකාඩු යුද හමුදා ගොවිපොලේදී විවෘත කෙරුණා.
ඒ යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන්.
මෙමගින් එම ආහාර සදහා වැය කළ විදේශ විනිමයෙන් සියයට 60 ක් පමණ ඉතිරි කර ගත හැකි බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ.
විශේෂ බලකායේ පර්යේෂණ සහ සංවර්ධන ශාඛාව, වයඹ විශ්වවිද්‍යාලය, කෘෂිකර්ම සහ පශු සම්පත් අංශ ඒකාබද්ධව කළ පර්යේෂණයන්හි ප්‍රතිඵල ලෙසයි මෙම ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානය ආරම්භ කර ඇත්තේ.
