ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටුකිරීමේදී ආයුධවලින් පමණක් නොව දැනුමෙන්, හැකියාවෙන් සහ නිර්මාණශිලිත්වයෙන් සන්නද්ධ විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පලකළේ මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ 48 වන මූලික පුහුණු පාඨාමාලව අවසන් කළ නිලධාරීන්ගෙන් විසිර යෑමේ උත්වසයට අද (09) එක්වෙමින්.
එමෙන්ම ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය සෑම පහසුකමක්ම සහ වරප්‍රසාදයක්ම ලබාදීමට රජය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.