Gossips

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මැගසින් බන්ධනාගාරයෙන් මාරුකරයි

රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැගසින් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ ආරක්ෂක හේතූන් මත ඔහු මෙලෙස වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බවයි.
තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම මොහුට එල්ල වූ චෝදනාවයි.
ඒ අනුව ඔහු ඊයේ නීතිඥයෙකු මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.