Gossips

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමට අදාළ නඩුවේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් චෝදනාව මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මේ මස 9 වනදා හෝ ඊට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
මීට පෙර අවස්ථා 3 කදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව අධිකරණය නියෝග නිකුත් කර ඇතත්, ඒවා නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා දැඩිව දෝෂාරෝපණය කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.