තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබුණත් ඔහු ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබෙනවා.
අධිකරණය මීට පෙර නියෝග කර තිබුණේ සිද්ධියේ සැකකරුවෙකුට සැඟවීම සිටීමට ඔහු ආධාර, අනුබල දුන් බවට සාක්ෂි පවතින්නේ නම් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
මාධ්‍යවේදීන් අද පෙරවරුවේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පැමිණීම අපේක්ෂාවෙන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව ඉදිරියේ රැස්ව සිටියා.
ඒ, එම දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහුට දැනුම්දී තිබීම හේතුවෙන්.
2008-2009 කාලය තුල කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් වන සම්පත් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්ට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදුන් බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ.
ඔහු එම දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ මෙක්සිකෝවේ ජාතික නිදහස් දින සැමරුමට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බැවින් ප්‍රකාශය ලබාදීමට 19 වැනිදායින් පසු දිනයක් ලබාදෙන ලෙසයි.
