Gossips

ආරක්ෂක නිලධාරියෙකු සපා කෑ පුද්ගලයෙකු සොයා පොලිස් පරීක්ෂණ

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු සිදුකළ සපාකෑමක් හේතුවෙන් එහි ආරක්ෂක නිලධාරියෙකු රෝහල් ගතකර තිබෙනවා.
අද පෙරවරුවේ බීමත්ව යතුරුපැදියකින් පැමිණි එම පුද්ගලයා බලහත්කාරයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලුවීමට සිදුකළ උත්සාහයේදී අදාළ ආරක්ෂක නිලධාරියා එය වළක්වා තිබෙනවා.
එම අවස්ථාවේ සැකකරු ආරක්ෂක නිලධාරියාගේ අත සපා කා පලාගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.
සපාකෑමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සැකකරු හඳුනාගෙන නොමැති අතර, ඔහු සොයා විමර්ශනයක් සිදුකරන බවයි ඇල්පිටිය පොලීසිය සඳහන් කළේ.rn