Gossips

ආරක්ෂක අංශ යටතේ පවතින උතුරේ ඉඩම් වසර අවසන්වීමට පෙර නිදහස් වන ලකුණු

මෙතෙක් නිදහස් කර නොමැති උතුර පළාතේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව නැගෙනහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්දිරන් ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර, පසුගියදා ඔහු නියෝජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දුන්නේ නව රජයට සහය පළ කරමින්.
එම මාධ්‍ය හමුවට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්ද එක්ව සිටියා.