Gossips

ආරක්ෂක අංශ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදෙන්නන් පිළිබඳව විමසීමක් කළ යුතු බව නිදහස් පක්ෂය කියයි

නීතිමය කටයුතු නොකර ආරක්ෂක අංශ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් දෙන පුද්ගලයන් පිළිබඳව සොයා බැලිය යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.
නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉන්දියානු සංචාරය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා.
හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන පිළිගැනීම මෙහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධීපතිවරයාට ලැබුණු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.