Gossips

ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4කට අත්සන් තබයි

ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4ක් සඳහා අත්සන් තබා තිබෙනවා.
ඉන් විශාලතම ව්‍යාපෘතිය වන්නේ දඹුල්ල ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීම සඳහා ජපාන සමාගමක ඩොලර් මිලියන 3.85ක ආයෝජනයයි.
කණ්ඩලම වැව සහ සීගිරිය ආශ්‍රිතව ඉදිකෙරෙන මෙම හෝටලය මගින් නව රැකියා අවස්ථා රැසක් ජනනය වන බව ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළා.
මීට අමතරව වෛද්‍ය උපකරණ නිෂ්පාදන කම්හලක් මෙන්ම ගබඩාකරන සහ නෞකා සේවා ආයතනයක් පිහිටුවීම සඳහා වූ ව්‍යාපෘති සඳහා ද අත්සන් තැබූ බවයි එමගින් නිවේදනය කළේ.